Monday, November 21, 2011

රඟපෑමයි විභාගෙයි එකට කරන්න බෑ

මේ වසරේ රඟපාලා ලබන වසරේ විභාගෙ ලියනවා- සඳනි සුලක්ඛනා

එක එක්කෙනාගෙන් එක එක යෝජනා ලෑබෙනවා.....
වයස අවුරුදු 11 දී කීර්ති බණ්‌ඩාරගේ සුදු පරවියෝ ටෙලි නාට්‍යයෙන් රඟපෑමට පැමිණි ඇය රංගන ශිල්පිනියක්‌ ලෙස ක්‍ෂේත්‍රයේ දිග ගමනක්‌ යන්න උත්සාහ කරන යුවතියක්‌. ටෙලි නාට්‍ය රංගනයට පය තැබූ ඇය වයසින් එතරම් මුqහුකුරා නොගියත් පසුගිය දිනවල සිනමාවටද එක්‌වුණා කියලා අපට දැනගන්න ලැබුණා. ඇය නමින් සඳනි සුලක්‌ඛනා. මේ දිනවල සඳනි මොනවද කරන්නේ කියලා දැනගන්න අපි ඇයට කතාකළා.



සඳනි මේ දවස්‌වල දායක වෙලා ඉන්න නිර්මාණ ගැන කිව්වොත් ?

නිමල් රත්නායකගේ මලී ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට සහභාගි වෙනවා. ඒ වගේම චන්දන ධර්මප්‍රියගේ සපුමලී ටෙලිනාට්‍යයේ සහ නාලන් මෙන්ඩිස්‌ගේ ඉසුරු සංග්‍රාමය ටෙලිනාට්‍යයේද රූගත කිරීම්වලට දායක වෙලයි ඉන්නේ.

ඇයි මේ රඟපෑම තෝරාගත්තේ ?

පොඩි කාලේ ඉඳලම රඟපෑමට සහ ගීත ගැයීමට තමයි ආසා කළේ. ඒ අතුරින් රඟපෑම තමයි මට හොඳටම පුළුවන්. ඒක හින්ද මම රඟපෑම තෝරාගත්තෙ.

රඟපෑම තෝරාගැනීම ගැන ඔබ අද සතුටුවෙනවාද ?

පැහැදිලිවම සතුටුවෙනවා.

අධ්‍යාපනයෙන් ඉහළට යන්න හිතුවේ නැත්තේ ?

තවම මම උසස්‌ පෙළ හදාරන වයසෙ සිටින තරුණියක්‌. මම භාරගත්තු නිර්මාණ නිසා මේ අවුරුද්දේ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින්න බැරිවුණා. ඒ නිසා ලබන අවුරුද්දේ මම උසස්‌ පෙළ විභාගයට පෙනී සිටිනවා.

රඟපෑම නිසා අධ්‍යාපනය මගහැරීම අපරාධයක්‌ කියලා හිතෙන්නේ නැතිද ?

සමහර වෙලාවට එහෙම හිතෙනවා. ඒත් රංගනය සහ අධ්‍යාපනය යන දෙඅංශයම සමබරව පවත්වාගෙන යන්න තමයි උත්සාහ කළේ. පසුගිය දවස්‌වල නිර්මාණ රැසකට දායක වුණ නිසා කාර්යබහුල වුණා. ඒනිසා අධ්‍යාපන කටයුතු ලබන වසරට කල්දාගත්තා.

අද වෙනකොට රඟපෑම වෘත්තියක්‌ වෙලාද?

ඔව්. මේ වෙනකොට රඟපෑම වෘත්තියක්‌ වෙලා.

ඔබේ හැකියාවන් වලට නිසි වටිනාකමක්‌ ලැබෙනවා කියලා හිතනවාද?

මට නිසි වටිනාකමක්‌ ලැබෙනවා.

ඒ වටිනාකම රඳාපවත්වා ගන්න මොනවාද කරන්න ඕනෑ ?

තමන් කරන වැඩය හරියට කරලා හැම තිස්‌සේම තමන්ගේ තත්ත්වය ආරක්‍ෂා කරගත යුතුයි. තමන්ට නිසි වටිනාකමක්‌ තියෙන නිර්මාණයකට දායක වුණොත් මම හිතන්නේ හැම තිස්‌සේම නිසි වටිනාකමක්‌ තියාගන්න පුළුවන්.

කෙටි කලකින් මේ ලැබුණ ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ ?

ගොඩක්‌ සතුටුයි. මම හිතන්නේ ඒක මගේ වාසනාව වෙන්න ඇති.

මේ විදිහට නිතර දකින්න ගියොත් මිනිස්‌සුන්ට ඔබව එපාවෙයි නේද?

එහෙම වෙන එකක්‌ නැහැ. මොකද මේ දවස්‌වල මාව නිතරම දකින්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම මේ දවස්‌වල මාව දකින්න ලැබෙන්නේ මලී ටෙලි නාට්‍යයෙන් විතරයි. නාට්‍ය හයක්‌ විතර විකාශනය වෙන්න තිබෙනවා.

අද වෙනකොට ක්‍ෂේත්‍රයෙන් ඇසෙන කතා හින්ද රංගනයෙන් ඈත්වුණොත් හොඳයි කියලා හිතෙන්නේ නැතිද ?

මොනවැඩේ කළත් මිනිස්‌සු කතා කියනවා. තමන් කරන වැඩය හරියට කළොත් ඔය කියන විදිහේ කතා අහන්න වෙන්නේ නැහැ.

ගායන අංශයෙන් ඩිප්ලෝමාවක්‌ හැදෑරුවත් ඇයි ගායනයට යොමු නොවන්නේ ?

මම තීරණය කරලා තියෙනවා මගේම ගීත එකතුවක්‌ නිර්මාණය නොකරන්න. මම දැන් පූර්ණ කාලීනව රංගනයට යොමුවෙලයි ඉන්නේ. විදෙස්‌ ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. ඒ වගේම ලංකාවේ ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙනවා. මම එම ප්‍රසංගවලට නම් සහභාගි වෙනවා.

ගායිකාවක්‌ වුණානම් මීට වැඩිය හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

රංගනයට තමයි මම කැමැති.

මේ අවස්‌ථාව ලැබුණේ කොහොමද?

මුලින්ම මම රඟපෑවේ අවුරුදු 11 දී කීර්ති බණ්‌ඩාර කියන අධ්‍යක්‍ෂවරයාගේ වේදිකා නාට්‍යයක. එයට සහභාගි වෙන්න ලැබුණේ මගේ අම්මා යොමුකළ අයෑදුම්පතක්‌ නිසයි.

ජනප්‍රියත්වය, ලස්‌සන තියෙන තැනට ආදරය ගලාගෙන එනවා. ඔබටත් ඒ දේවල්වලින් අඩුවක්‌ නැතිව ඇතිනේ ?

එක එක්‌කෙනාගෙන් එක එක යෝජනා ලැබෙනවා. ඒක ඉතිං මේ වයසේ කෙනෙකුට සාමාන්‍යයි කියලයි මම හිතන්නේ.

ඒ කියන්නේ සඳනිත් ආදරය කරනවා වගෙයි ?

ඔව්. මම ආදරය කරනවා. 

නවක නිළියන් ක්‍ෂේත්‍රයට ඇවිත් ටික දවසක්‌ යනකොට ටිකක්‌ හිතට ගන්නවා. ඔබත් එහෙමයි කිව්වොත් ?

ඒ කතාව මම ප්‍රතික්‌ෂේප කරනවා. මොකද මම එහෙම කෙනෙක්‌ නෙමෙයි. මම හැමෝත් එක්‌කම සුහදව වැඩකරන කෙනෙක්‌. සමහරු නම් කියනවා මම ටිකක්‌ ආඩම්බරයි කියලා. ඒක බොරුවක්‌. මම එහෙම ආඩම්බර නැහැ.

මේ ළඟකදී රූගත කිරීමේදී පොඩි අකරතැබ්බයක්‌ වුණා කියන්නේ ඇත්තද?

ඔව්. ඒක සිදුවුණේ නාලන් මෙන්ඩිස්‌ මහත්තයාගේ ඉසුරු සංග්‍රාමය නාට්‍යයේ රූගත කිරීමක්‌ සිදුකරද්දී. එක දර්ශනයක්‌ තිබුණා වාහනය නවත්වලා කේන්තියෙන් බැහැලා යන දර්ශනයක්‌. අපි ෂූට්‌ කරපු ගෙදර කණු තුනක්‌ මැද්දෙන් කන්දකට තමයි වාහනය ගන්න තිබුණේ. එතැන ඉස්‌සරහ තිබෙනවා පොකුණක්‌. ඒ දර්ශනය තුන් පාරක්‌ විතර රූගත කළා. අවසාන රූගත කිරීම කරන කොට මම කැමරාව දිහා බලාගෙන ආපු නිසා කණුවකුත් කඩාගෙන කාර්එක පොකුණට වැටුණා. ඇත්තටම ඒකනම් ජීවිතේටවත් අමතක නොවන සිදුවීමක්‌. දැන් කට්‌ටිය මට කාඩ් එකක්‌ ගහලා ඒ ගෙදර පොකුණ දැක්‌කහම මට ඩයලොග් අමතක වෙනවා කියලා. 

No comments:

Post a Comment