Monday, January 2, 2012

හැමදේම සල්ලි වලට යටයි..

සල්ලි වලටයි හිතවත්කම් වලටයි හැමදේම යටවෙලා

මනිෂා ශ්‍යාමලි 

මනිෂා ශ්‍යාමලි කවුරුන්ද යන්න හඳුන්වාදීමට අමුතුවෙන් කතා අවැසි නෑ. දශක දෙකක සිය රංගන ඉතිහාසය තුළ පෑ සමත්කම්, ප්‍රතිභාවත් ඇය කවුරුන්ද යන වග ඔබ හඳුනාගෙන ඇත. නමුත් ඇය තමන්ව දකින්නෙ කවර චරිතයක්‌ ලෙසටද?

අපි මනිෂා සමග කතාබහ එසේ අරඹමු.

බොහොම ක්‍රමානුකූලව ජීවිතයට මුහුණදෙන කෙනෙක්‌ මම. පුංචි කාලෙ ඉඳලම මම අරමුණක්‌ ඇතිවයි හැම දෙයක්‌ම කළේ. ඕනෑම කෙනෙක්‌ට ජීවිතයේ දී යුතුකම් වගකීම් කියල කොටසක්‌ තියෙනව. මටත් එහෙමයි. මම හැම කෙනකුටම මගෙන් විය යුතු යුතුකම් වගකීම් නිසි ලෙස ඉටුකර තිබෙනව. ඒක කටක්‌ ඇරල බය නැතිව කියන්න පුළුවන්.



ඔබ කාලයක්‌ විදේශගත වෙලා හිටියා. ඇයි ඒ?

අධ්‍යාපනය සහ රැකියාව සඳහා.

හිටිය රට කියන්න අකමැතිද?

ඇයි අකමැති වෙන්නෙ. ග්‍රීසියේ සහ සයිප්‍රස්‌වල මම හිටියෙ.

ඒ රටේ ඉන්න හිතුණෙ නැද්ද?

හිතල මතල ප්ලෑන් කරල ගිය ටුවර්Êඑකක්‌ නෙවෙයි ඒක. අකමැත්තෙන් තමයි ගියේ. මොකද අපේ ගෙදර අයට මාව කලා ක්‌ෂේත්‍රයෙන් ඈත් කරන්න ඕන වුණා. මම උසස්‌ පෙළ කරන කාලෙදිම අපේ තාත්තා නැතිවුණා. ඒ නිසා අපිව ආරක්‌ෂා කරද්දි ගැටලු මතුවන නිසා ක්‌ෂේත්‍රයට එනවට කැමැති වුණේ නෑ. ගෙදරින් මාව රට යෑව්වෙ ඒකයි. නමුත් ඒ රටවල පදිංචි වෙන්න මට ඕන තරම් අවස්‌ථාව තිබුණා. එහෙදි මට ඕන තරම් විවාහ යෝජනා ඇවිත් තියෙනව. ඒත් නතර වෙන්න තරම් හිතක්‌ මට තිබුණෙ නෑ.

ක්‌ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ?

මට මතක හැටියට අට නවය වගේ වසරවල ඉගෙන ගන්න කාලේ. ඒ කාලෙදි මම මුතුහර ළමා සමාජයට සම්බන්ධ වුණා. පාසල් කාලේ නර්තනය, රංගනය වගේ ක්‍රීඩාව පැත්තෙනුත්, සමස්‌ත ලංකා දක්‌වා මම දක්‌ෂතා පෙන්වා තිබෙනවා. කොහොම නමුත් මට ඒ වෙද්දි නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඩිප්ලෝමාවත් සම්පූර්ණ කරන්න පුළුවන් වුණා.

විදේශගතව සිට නැවත ලංකාවට එද්දි කලාවෙ පැවති වෙනස දකින්නෙ?

මම විදේශගත වෙන කාලේ ලංකාවෙ කලා ක්‌ෂේත්‍රය බොහොම සුන්දර තැනක්‌. මෙහෙම කරදරකාරි පරිසරයක්‌ තිබුණේ නෑ. ඒ කාලේ ක්‌ෂේත්‍රයට එන්න ගොඩක්‌ දක්‌ෂයෙක්‌ වෙන්න ඕනෑ. නමුත් දැන් හතු පිපෙන්නා වගේ පෞද්ගලික හිතවත්කම්වලට ශිල්පීන් බිහිකරල තියෙනව. නමුත් පාසල් කාලේ ඉඳල කැපවීම් කළ ශිල්පීන්ට තාම සාධාරණයක්‌ වෙලා නෑ.

ඇයි අලුත් අයට ඊර්ෂ්‍යා කරන්නෙ?

කොහෙත්ම අලුත් අයට ඊර්ෂ්‍යා කරන්නෙ නෑ. මම කිව්වෙ යථාර්ථය. ඇත්ත කියන එක ඊර්ෂ්‍යාවක්‌ කියල වරදවා තේරුම් ගන්න එපා.

අලුත් පරම්පරාවෙ කලාකාරිනියන්ට තිබෙන ගෞරවය ටිකක්‌ අඩුවෙලා වගේ පේනවා. හේතුව මොකක්‌ කියලද හිතන්නෙ?

දැන් එන ගොඩක්‌ අයට ඕන ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය විතරයි. ටී.වී. එකේ මූණ දාගන්න විතරයි එයාලට ඕන. කරන දේ මොකක්‌ද කියල කල්පනා කරන්නෙ නෑ. ඒ නිසා වෙන වෙන පැත්තට යොමු වෙන්නෙ.

ශිල්පි ශිල්පිනියන්ට සම්මාන ලැබෙන ආකාරය ගැන අදහස?

පැහැදිලි පිළිතුරක්‌ දෙන්න අමාරුයි. ක්‌ෂේත්‍රයේ අය එළියට ඇවිත් කසු කුසු ගාන දේවලින් නම් තේරෙන්නෙ හිතවත්කම්වලටයි සල්ලි බලයටයි සම්මාන පිරිනැමෙනව වගේ. මම පෞද්ගලිකව සම්මාන ලබාදෙන ක්‍රමවේදය ගැන නම් සතුටු නෑ.

ඔබ වඩාත් ආස කරන චරිතයක්‌ ලැබී තිබෙනවාද? එහෙම නම් ඒ චරිතෙට කැමැති ඇයි?

එදා මෙදා තුර මම ටෙලි නාට්‍ය 35 ක විතර වැඩ කරල තියෙනව. දෙමළ චිත්‍රපට පහකත්, තෙළිඟු චිත්‍රපටයකටත් සම්බන්ධ වෙලා තියනව. නමුත් ආපස්‌ස හැරිල බලද්දි එකම එක තෘප්තියයි තියෙන්නෙ. ඒ රසික ප්‍රතිචාර විතරයි. නමුත් මට සතුටුවිය හැකි චරිතයක්‌ ලැබී නෑ.

රංගනයේ දී වඩාත් කැමැති?

සිනමාවට. නමුත් මොකක්‌දෝ අහේතුවකට මුල් කාලේ මාව සිනමාවට තේරුණේ නෑ. ඇත්තටම මට අවශ්‍ය සිනමා රංගන ශිල්පිනියක්‌ වෙන්න. ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක්‌ කියල හඳුන්වනවටත් මම කැමැති නෑ.

බොහෝ රංගන ශිල්පි ශිල්පිනියන් නිෂ්පාදනය පැත්තට යොමුවෙලා තියෙනව. ටෙලි නාට්‍ය නිෂ්පාදනයට ඔබේ කැමැත්තක්‌ නැද්ද?

රට ඉන්න යාළුවො පවා කීප විටක්‌ මට ඒ යෝජනාව ගෙනාව. නමුත් එදා මම කැමැති වුණේ නෑ. ඒත් දැන් නම් ඒ අදහස වෙනස්‌ වෙන්න පුළුවන්.

No comments:

Post a Comment