Monday, February 13, 2012

මේ දවස් වල ටිකක් රෑට රඟපානවා වැඩියි..

රෑට මේ චරිතයේ රඟපෑම් වැඩියිපෘථිවි ප්‍රභා ගැන අනුරුද්ධිකා කතාකරයි
නිර්මාණ රැසක නැතත් ඉඳහිට රඟපෑ චරිතයකින් දෙකකින් රසික ප්‍රසාදය උපරිම අයුරින් දිනාගත් අනුරුද්ධිකා පාදුක්‌කගේ මේ දිනවල සිය ජීවන රඟහලේ ප්‍රබල භූමිකාවක්‌ නිරූපණය කරන්නීය.

කොහොමද අලුත්ම චරිතය?

"අම්මෝ හරිම අමාරු රඟපෑමක්‌ තමයි. කිසිම විවේකයක්‌ නැහැ. එක දිගටම රඟපාන්න ඕනෑ. පොඩ්ඩක්‌වත් වරදන්න බැහැ. වැරදුණොත් ඉවරයි.

වැඩිපුර රඟපාන්නේ දවාලට ද රෑටද?

"රෑ කාලයේ රඟපෑම් වැඩියි. දවල්ට පුංචි විවේකයක්‌ ලැබෙනවා. ඒත් එක දිගට රාත්‍රී කිහිපයක්‌ ම නිදි වර්ජිතව රඟපෑවා.