Sunday, April 15, 2012

ළඟදීම මගේ හීනයක් සැබෑ කර ගන්නවා - ශ්‍රීමතී රසාදරී

ළඟදී මගේ හීනයක්‌ සැබෑ කර ගන්නවා

ශ්‍රීමති රසාදරි


ඇය වේදිකා, ටෙලි නාට්‍යය මෙන්ම චිත්‍රපටි රංගන ශිල්පිනියකි. එමෙන්ම කලා ලෝකයේ නිහඬ ගමනක්‌ යන කලා ශිල්පිනියකි. වේදිකාව, ටෙලි නාට්‍යය මෙන්ම සිනමාව හරහා දස්‌කම් පාන ඇය නමින් ශ්‍රීමතී රසාදරී.

ඔබේ පාසල් කාලය ගැන පැවසුවොත් ?

මම පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් හා කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරුවා. පාසල් කාලය හොඳයි. මම පාසල් වේදිකා නාට්‍යවල රඟපෑවා. ඒ වගේම නැටුම්වලින් දස්‌කම් පාලා තිබෙනවා."

ඔබ වේදිකා නාට්‍ය ක්‌ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?



පාසල් අධ්‍යාපනය හමාර කරලා ඉන්න කොට ගාමිණි කොස්‌තා මහත්මයාගේ "පිස්‌සු බාහු" වේදිකා නාට්‍යයේ රඟපාන්න අවස්‌ථාව ලැබුණා. ඒක තමයි මගේ පළමු වේදිකා නාට්‍යය."

එතකොට ඔබේ පළමු චිත්‍රපටිය මොකක්‌ද?

මගේ පළමු චිත්‍රපටය තමයි එච්. ඩී. ප්‍රේමරත්න මහත්මයාගේ "සසරක පැතුම්" කියන චිත්‍රපටිය. එහි මම ළමා චරිතයක්‌ රඟපෑවා. ඉන් පස්‌සේ "ජීවන්ති" "සල්ලි තිබුණට මදි" "මව්බිමේ වීරයෝ" වෙස්‌වලාගත් තරුණිය" "ගීතා" ඇතුළු මේ වන විට චිත්‍රපටි විසිපහක පමණ රඟපා තිබෙනවා."

ඔබ රඟපෑ ටෙලි නාට්‍ය මොනවාද?

චන්ද්‍රරත්න මාපිටිගමගේ මහතාගේ "ඉරට හඬන මල්" මං රඟපාපු පළමු ටෙලි නාට්‍යය. ඊට පස්‌සේ මම "නියන් උකුස්‌සෝz ගංගා හා නිශ්ශංක "පතිනි" "වැස්‌ස නුඹ වගේ" "බිබීනා" යන නාට්‍යවල රඟපා තිබෙනවා.

මේ දිනවල විකාශය වන ඔබ රඟ පෑ ටෙලි නාට්‍ය මොනවාද?

මේ දවස්‌වල ස්‌වර්ණවාහිනියේ "උත්පලා" ටෙලිනාට්‍යය විකාශය වෙනවා. මා එහි ග්‍රාමසේවා නිලධාරියකුගේ බිරිඳකගේ චරිතයට පණ පොවනවා."

මේ දවස්‌වල ඔබ මොනවද කරන්නේ?

"වැස්‌ස නුඹවගේ" ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා යනවා. ඒ වගේම තවත් ටෙලි නාට්‍යය තුනක රූගත කිරීම් සඳහා සහභාගි වෙනවා."

නාට්‍යය හා චිත්‍රපටි ක්‌ෂේත්‍රය ගැන දැන් ඔබට මොකද හිතෙන්නේ?

අද වන විට මේ ක්‌ෂේත්‍ර දෙකම ඉතා හොඳ තැනක තිබෙනවා. අද එදා වගේ නොවෙයි. හොඳ දක්‌ෂ නළුÊනිළියන් මේ ක්‌ෂේත්‍රයට වැඩි වැඩියෙන් බිහිවෙනවා. ඒ ගැන විශාල සතුටක්‌ තිබෙනවා."

ඔබේ පවුලේ විස්‌තර කිව්වොත්?

මට දුවලා දෙන්නෙක්‌ ඉන්නවා. එක්‌කෙනෙක්‌ ලක්‌නා සහනිකා. ඇය මේ වන විට ලන්ඩන්වල අධ්‍යාපන කටයුතුවල නිරතවෙනවා. අනිත් දුව ඉනෝකා කල්පනී. ඇය මේ වනවිට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ උසස්‌ පෙළ හදාරනවා. ඉතිං දුවලා දෙන්නාගෙන් වගේම මගේ අක්‌කගේ දුව වන මානෙල් දුවගෙන් මගේ මේ කලා ගමනට විශාල සහයෝගයක්‌ ලැබෙනවා. ඉතිං ඒක මට ලොකු ධෛර්යයක්‌."

ඔබට මේ කලා ගමනේදී අතහිත දුන් පිරිසක්‌ ඉන්නවාද?

ඔව් හුඟක්‌ අය ඉන්නවා. ඒ අතර රංජිත් ප්‍රේමලාල්, වජිර කස්‌තුරිආරච්චි, ස්‌වර්ණවාහිනියේ එල්. එස්‌. චන්ද්‍රසේකර යන මහත්වරුන් විශේෂයි. ඒ වගේම මට අත හිත දෙන සියලු දෙනාටමත්, මගේ රසික රසිකාවියන්ටත් පොදුවේ ස්‌තුතිවන්ත වෙනවා.

සමාජ සේවා කටයුතුවලට දායක වෙනවාද?

සමාජ සේවා කටයුතුවලට සහභාගි වෙනවා. ඒ වගේම මං ප්‍රතිපත්තියක්‌ හැටියට සෑම වසරකම ලේ දන්දෙනවා. මං මේ වෙනකොට තිස්‌ වතාවක්‌ ලේ දන් දී තිබෙනවා. මේක මම හැම අවුරුද්දකම කරන පිං අතේ වැඩක්‌. මං මේ ලබාදෙන ලේ වලින් අසරණ රෝගියෙකුගේ ජීවිතය බේරාගන්න පුළුවන් නම් ඒකයි මගේ සතුට. මම හදවතින්මයි අසරණ රෝගියකු වෙනුවෙන් ලේ පරිත්‍යාග කරන්නේ."

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

මම ඉදිරියේදී ටෙලිනාට්‍යයක්‌ නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේක මගේ එදා ඉඳන් තිබූ හීනයක්‌. ඒ හීනය සැබෑ කරන කන් මට ඉවසිල්ලක්‌ නැහැ."

අවසන් වශයෙන් ඔබේ ලිපිනය කිව්වොත්

ශ්‍රීමතී රසාදරී, අංක 22, ඒ ජී. එච්. පෙරේරා මාවත, රත්තනපිටිය, බොරලැස්‌ගමුව.

No comments:

Post a Comment