Sunday, October 27, 2013

කලින් මම නිළියක් වෙන්න ලැජ්ජයි - වත්සලා

•  වත්සලා නිළියක් වෙන්න කලින් මොන වගේ චරිතයක්ද? 
බොහොම සාමාන්‍ය කෙල්ලෙක්.



 •  නිළියක් වෙලා අවුරුදු කීයද?
අවුරුදු පහයි

 •  අවුරුදු පහකට කලින් හිටපු වත්සලායි, දැන් වත්සලායි එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?
අම්මෝ දෙන්නෙක්. ඒ කාලේ මම ගෙදර ඉන්නවාද කියලා හොයාගන්නවත් බෑ. හරිම ලැජ්ජයි බයයි. ඒත් දැන් මම ඊට හාත්පසින්ම වෙනස්.

 •  ඒ කියන්නේ නිළියක් වෙලා ලැජ්ජාවයි, බයයි නැතිවුණා...?
වැරැදි දේ කරන්න අදටත් මම ලැජ්ජයි, බයයි. ඒත් ඒ කාලේ තිබුණු අනවශ්‍ය සබකෝලය නම් දැන් නෑ... මට මං ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා.