Sunday, April 7, 2013

කවුරුවත් මට අවංක වුණේ නෑ - මුතූ තරංගා

ගොඩක්‌ අය මට අවංක වුණේ නැහැ- මුතූ

ගොඩක්‌ දෙනෙක්‌ පසුගිය කාලේ ඇය කොහේ ගිහින්ද කියලා විමසුවා. ඇය වැඩිපුර මාධ්‍ය ඉදිරියට ආවේ නැහැ. කාලෙකට පස්‌සේ ඇය පුංචි තිරයේ දකින්න ලැබෙනවා. නමින් මුතු තරංගා වූ ඇය ගැන මේ බොහෝ දෙනා විමසන වෙලාවක්‌. ඒ හින්දා අපි මුතුගේ හඬට ඉඩක්‌ වෙන් කළා.

මුතු කාලෙකට පස්‌සේ පුංචි තිරයට ගොඩවෙලා ?

ඔව්. ගොඩක්‌ කාලයක්‌ මම රඟපාන්නෙ නැතිව හිටියා. ඊට පස්‌සේ ආදරයේ අහස තරම් ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. නාට්‍යවලට සම්බන්ධ වෙනවා කියල හිතලා ගොඩක්‌ දෙනෙක්‌ මට කතා කළා. ඒ අතරේ ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. එයින් පසුව මම විදෙස්‌ගත වුණා. විදෙස්‌ගත වුණාට පසුවයි දකින්න නොලැබුණේ. ලංකාවට ආවට පස්‌සෙ තමයි මැද ගෙදර කියන ටෙලිනාට්‍යයට ආරාධනාවක්‌ ලැබුණේ.

ඇයි මේ හදිසියේ විදෙස්‌ගත වුණේ ?

ටික කාලයක්‌ එක දිගට වැඩ කළා. මම කොච්චර වැඩ කළත් ඒ නාට්‍ය විකාශනය වුණේ නැහැ. මම විවේකය හරියට අගය කරන කෙනෙක්‌. ඒ නිසා තමයි විදෙස්‌ගත වුණේ.

වැඩබදාගෙන කරන්න කැමැති නැහැ ?



මම වැඩ බදාගෙන කරන්න කැමැති නැහැ. ක්‍ෂේත්‍රයට ආපු මුල්ම කාලේ හැම නිර්මාණයකටම සම්බන්ධ වුණා, තෝරාබේරා ගැනීමකින් තොරව.

මුතු ඉන්නේ ක්‍ෂේත්‍රය ගැන කලකිරීමෙන් වගෙයි ?

කලකිරීමක්‌ නම් කොහොමටත් තියෙනවා. මම කාටවත් බොරුවක්‌ කියන්නේ නැහැ. මම හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ අවංක බව. ඒ වුණාට ඒක ලැබුණේ නැහැ. ගොඩක්‌ අයගේ අවංක බව නැහැ.

ක්‍ෂේත්‍රයේ මිනිස්‌සු අවංක නැහැ කියලද කියන්නේ ?

අවංක අය ගොඩක්‌ ඉන්නවා. ඒ වගේම අනෙක්‌ පැත්තත් තියෙනවා. ගොඩක්‌ මිනිස්‌සු ක්‍ෂේත්‍රයට කවුරුවත් එනවාට කැමැති නැහැ. මම නම් මට පසුව ආපු ගොඩක්‌ අයව අගය කරලා තියෙනවා.

ඔබලාට පසුව ආපු පරම්පරාව මෙතැන විනාශ කළා කියලත් කතාවක්‌ තියෙනවා?

හැබැයි මෙහෙම දෙයක්‌ තියෙනවා. අපි නාට්‍ය කරන කාලෙ දර්ශන තලයකට යනවානේ. දර්ශන තලයේ මාසයක්‌ විතර ජීවත්වෙලා එතැන තමයි රූගත කිරීම් සිදුකරන්නේ. දැන් ගොඩක්‌ දවසට නාට්‍ය තුනක්‌ විතර රූගත කිරීම් කරනවා. ඒකෙන් අපේ දක්‍ෂතාව වැඩි දියුණු වෙන්නේ නැහැ. දැනුම මොටවෙන එකයි සිදුවන්නේ.

මුතු කියන්නේ සැබෑවටම කවුද?

මම හැමවෙලාවෙම හිනාවෙල ඉන්න කැමැති කෙනෙක්‌. මම අවංක වැඩියි. බොරුවට කැමැති නැහැ. මොකද මම බොරු කියන්නේ නැහැනේ. ඒ හින්ද බොරු කියන අයට මම කොහෙත්ම කැමැති නැහැ.

ඔබේ අවංකත්වයෙන් මිනිස්‌සු ප්‍රයෝජන ගන්නවාද?

මගේ අවංකකමින් ඇත්තටම ප්‍රයෝජන අරගත්තු අය ඉන්නවා. විශේෂයෙන් යෙහෙළියන්. පිරිමි අය එක්‌ක මම වැඩි ආශ්‍රයක්‌ නැහැ. යෙහෙළියෝනේ අපිට සමීප.

ක්‍ෂේත්‍රයට ඇවිත් කළ කී දෑ ගැන මොකද හිතන්නේ ?

මම නිළියක්‌ වීම ගැන එක පැත්තකින් සන්තෝෂ වෙනවා. එක පැත්තකින් දුකකුත් තියෙනවා. මම කාලයක්‌ හරි දුකෙන් හිටියා නිළියක්‌ වුණේ ඇයිද කියලත්. මොකද මට ගොඩක්‌ කැපිලි කෙටිලි ආවා.

ඔබට කැපිලි කෙටිලි එමටයි වගේ ?

අනන්තවත් තිබුණා. මම දන්නේ නැහැ ඇයිද කියලා. තවමත් කැපිලි කෙටිලිවලින් නම් අඩුවක්‌ නැහැ.

ක්‍ෂේත්‍රයේ තරහකාරයෝ ඉන්නවද?

ඔව්. තරහකාරයෝ ඉන්නවා. මගේ මුහුණට කවුරුවත් තරහ පෙන්වලා නැහැ. හැබැයි මට ආරංචිවෙලා තියෙනවා.

පෞද්ගලික ජීවිතයේ වෙනස්‌ කරන්න අදහසක්‌ නැතිද?

ගිය අවුරුද්දේ අපි විවාහ වෙන්න හිටියේ. ඊට පස්‌සේ අපි රට ගියා. මේ අවුරුද්දේ අන්තිම නැතිනම් ලබන අවුරුද්දේ මුල අනිවාර්යයෙන්ම විවාහ වෙනවා. අපේ සම්බන්ධයට අවුරුදු අටක්‌. අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ විවාහ වෙනවා. ඒක ස්‌ථිරයි. 

No comments:

Post a Comment